පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්


පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමට අදාළව නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටත් එය ලබන වසරේ සිට එනම් 2023 සිට ඉදිරියට පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී චක්‍රලේඛයේ විධිවිධාන අදාළ කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍ර ලේඛයන් ක්‍රියාත්මක කිරීමේදී පැනනැගුන ගැටලු පිළිබඳව විදුහල්පතිවරුන්, චක්‍ර ලේඛ සංශෝධන කමිටුව, අමාත්‍යාංශයේ විමර්ශන අංශය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුනු සැලකිල්ලට මෙම චක්‍රලේඛය සකස් කර තිබේ.  

 



Recommended Articles