පළමු කාර්තුවේ රු.මි. 316619ක බදු ආදායමක්


2023 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 316,619ක බදු ආදායමක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේ අනුරූප කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇත්තේ රුපියල් මිලියන 146,565කි. ඒ අනුව එය පසුගිය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 216ක වැඩිවීමකි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සහ බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වර්ධනය වීම ආදිය මෙම බදු ආදායම ඉහළයාමට හේතුවී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles