පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනය සඳහා විවෘත කෙරේ


නාය යාමට ලක් වූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා අද (26) නැවත විවෘත කර තිබෙනවා.

පසුගිය 22 වැනිදා පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්, අවදානම් සහගත තත්වය අනුව එම මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබුණා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles