පහළ කඩුගන්නාව මාර්ගය තවදුරටත් වැසෙයි


නායයාමේ අවදානමක් හේතුවෙන් ඊයේ (10) රාත්‍රි 10.00 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තබන ලද කොළඹ – මහනුවර මාර්ගය තවදුරටත්  වසා තැබෙන බව පොලීසිය පවසයි.

නාය යෑමේ අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මෙම මාර්ගය අද (11) දහවල් 1.00 ට පමණ සැහැල්ලු වාහන සඳහා පමණක් විවෘත කිරීමට අපේක්ෂා කළද එහි අවදානම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඊට විරුද්ධ වීම නිසා අදාළ තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියි.



Recommended Articles