පසු ආපදා තත්ත්වය කළමනාකරණයට ඇමෙරිකානු ගුවන් යානා දෙකක් එයි


 ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී.- 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් 12/07 දින පස්වරු 01.00 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියහ.

මෙම ගුවන් යානය තුළ ඇමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයින් 60 දෙනෙකු ද පැමිණ සිටියහ. මෙම ගුවන් යානා දෙක තායිලන්තයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කදවුරක සිට මෙසේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානා කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට අනුරාධපුරය , යාපනය ආදී ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහන පහසුකම් සැළසීමට නියමිතය.



Recommended Articles