පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් සංඛ්‍යාව ඉහළට


පස්සර ජාතික පාසැලේ කොවිඩ්  ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් ඇතැයි   කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීමේ බදුල්ල  දිස්ත්‍රික් කමිටුව පවසයි .

ආසාදිත සිසුන් මේ වන විට  ප්‍රතිකාර සදහා යොමු කර තිබේ. 

මේ තත්වය මත අද (25)  දිනයේ කිසිදු සිසුවෙක් පාසැලට නොපැමිණි අතර ගුරුවරුන්ගේ පැමිණීමද  පහළ මට්ටමක  පැවැතින .

ඉදිරි ක්‍රියාමර්ගයන් පිළිබදව සාකච්ජා කිරීම සදහා  ඌව පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරින්  එම විදුහලට පැමිණ සාකච්ජාවක් සිදු කළහ .

පාලිත ආරියවංශ



Recommended Articles