පස් කඳුවලට යටවු පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම්


අද (05) උදෑසන මාවනැල්ල දෙවනගල කන්ද නාය යාමෙන් පස් කඳුවලට යටවී සිටින පිරිස සොයා යුද හමුදාව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

එම නාය යාමෙන් එකම පවුලේ පිය (57), මව (56) , පුතා (29) අතුරුදන්ව සිටින අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් ගම්වාසීන්ගේ ද සහය ඇතිව යුද හමුදාව තවදුරටත් සිදු කරමින් සිටී.

එහිදී පස් කන්දකට යටවී ජීවිතක්ෂයට පත්ව සිටි 23 හැවිරිදි තරුණියකගේ මළ සිරුර හමුදා භට පිරිස් විසින් සොයා ගනු ලැබ ඇත.

මේ අතර වරකාපොළ අල්ගම කන්ද නායයාමෙන් පස් කන්දකට යට වී ජිවිතක්ෂයට පත් වූ 70 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද යුද හමුදාව විසින් සොයා ගනු ලැබ තිබේ.

එම පවුලේ සෙසු සාමාජිකයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ගම්වාසීන් පියවර ගෙන ඇත.

යුද හමුදා භට පිරිස් අපයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පිරිස්වලට සහන සැලසීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටියි.

 



Recommended Articles