පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අවලංගු කර නෑ


සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අවලංගු කළ බවට ඇතැම් මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, ලබාදුන් පත්වීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම අදාළ පත්වීම්ලාභී සීමාවාසික වෛද්‍යවරුන් 98% ට වඩා සේවයට වාර්තා කර ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.



Recommended Articles