පවුලක් විසින් රට පාලනය කරනවා - අනුර කුමාර


ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ විවිධ අමාත්‍ය ධුර දරමින්, ජනාධිපති විවිධ කාර්ය සාධක බළකා ප්‍රධානියෙකු ලෙස බැසිල් රාජපක්ෂ වශයෙන් පවුලක් විසින් රට පාලනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මෙය කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට හෝ ජනතා පරමාධිපත්‍ය බලයකට යටත් පාලනයක් නොවන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එබැවින් නව පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීම උදෙසා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුව තිබෙන බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.



Recommended Articles