පසුගිය කාලය තුළ ඇතැම් මාධ්‍ය පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් වාර්තා පළ කළ බවත් ඛේදවාචකයක් තුළ පවුලක් වැළපෙන අයුරු පෙන්වීම තුළින් කිසිවෙකුට වැඩක් නොමැති බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
අද පෙරවරුවේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
“අපි දැක්කා පසුගිය කාලයේදී ඔබතුමාලගේ වාර්තා ඉතාමත්ම සාධනීයව වෙන අත රතුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි ආකාරයකට පෞද්ගලිකව පුද්ගලයන් යම්කිසි ආකාරයකට අපහසුතාවට පත්වන ආකාරයට සිදුවීම් වාර්තා වෙලා තිබෙනවා.
කුඩු ව්‍යාපාර, සංවිධානාත්මක අපරාධ, ස්ත්‍රී දූෂණ කුමනාකාරයෙන් වාර්තා කළත් අපට වාද විවාද ඇති කර ගන්න පුළුවන්.
ලෙඩක් සම්බන්ධව වාර්තා කිරීමේදී යම්කිසි සීමාවන් තුළ වාර්තා වුණොත් හොඳයි කියන එකයි අපේ අදහස. එය ඔබට විවෘතයි. ඛේදවාචයක් තුළ පවුලක් වැළපෙන හැටි පෙන්වීම තුළින් කාටවත් වැඩක් වෙයි කියලා මම හිතන්නේ නෑ. එයින් සමාජයට වැඩක් වෙයි කියලා හිතන්නේ නෑ.”