පලෙයි එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට වාර්තා වූ පුවත අසත්‍ය පුවතක් බවත් එම ගොඩනැගිල්ල ඉදිකර ඇති පුද්ගලයා වරින් වර විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් සම කැබිනට්ප් රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී ඔහු පැවැසුවේ මුලින් අක්කර 10ක් පසුව අක්කර 15ක්ද වශයෙන් එම ගොඩනැගිල්ල ඉදිකළ පුද්ගලයා වනය හෙළිකර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.සැකකාර පුද්ගලයා මහල් 4කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවත් එහි ඇගළුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත්, එළවළු හාකෝමාරිකා වගාවක් මෙන්ම නීති විරෝධී වැලි කැනීමක්ද කර ඇති බව අමාත්‍යවරයා පැවැසීය.
මෙහි එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් පවත්වාගෙන බවට බවට සාවාද්‍ය පුවතක් පළ කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.


