පලෙයි රක්ෂිතයක් තුළ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සඳහන් කළ පුද්ගලයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින්
ඊයේ අත්අඩංගුවට ගැණින. අවුරුදු 46ක් වන මෙම සැකකරු ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව
ලබන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එසේම මෙම ස්ථානය පිිළිබඳව කළ පරීක්ෂණයේදි එහි එල්.ටී.ටී.ඊ හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයක් හෝ අන්තවාද සංවිධානයක්
ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිඳු කටයුත්තක් හෝ ත්‍රස්ත ක්‍රියාකාරකමක් සඳහා සංග්‍රමික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමක් එම ස්ථානයේ සිදුනොවන බව පොලීසිය කියයි.
මෙම ස්ථානය සම්බන්ධයෙන් නීති විරෝධී කැලෑ එළි කිරීමක් හා නීති විරෝධී වත්කම් උපයා ගැනිමක් සම්බන්ධයෙන් කරුණු අණාවරණය
වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් පොලීසිය කියයි.

