සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. පුහුණු කදවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙ.
අවුරුදු 46ක් වන බොරලැස්ගමුවේ පදිංචි සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. ඔහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නිති සංග්‍රහය හා පොලිස් ආඥා පනත අනුව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය කියයි.

