පලා යෑමට තැත් කළ රැඳවියෙකුට වෙඩි


කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකුට බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමක් නිසා එම රැඳවියා තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

මීට අමතරව බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමේදී බන්ධනාගාර නිලධාරියෙකුටද වෙඩි වැදී තිබෙන අතර, එම නිලධාරියාද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ සවස මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු පලා යෑමට තැත් කර තිබෙන අතර, එම අවස්ථාවේදී බන්ධනාගාරයේ ආරක්ෂාවට සිටි නිලධාරීන් විසින් ඔහුට වෙඩි තබා තිබේ.

මේ පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

 



Recommended Articles