පල්ලෙකැලේ රැඳවියෙක් ගෙලවැලලාගනියි


පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු බන්ධනාගාරය තුළදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි පල්ලෙකැලේ පොලිසිය කියයි.

එසේ මියගොස් ඇත්තේ දිනේෂ් ප්‍රියදර්ශන (27) නමැති දඹවෙල ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයකු බවද පොලිසිය කියයි .

ඊයෙ (20) රාත්‍රි 10:30 ට පමණ ඔහු බන්ධනාගාරය තුළ ගෙළ වැළලාගෙන ඇති බව පැවසේ.

 

 



Recommended Articles