පලස්තීනයේ තානාපති සහ කථානායක අතර හමුවක්


ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහේර් මොහොමඩ් හම්දල්ලා මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර සුහද හමුවක් අද (02) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගී විය.

සුහද හමුවෙන් අනතුරුව කථානායකතුමා විසින් පලස්තීන තානාපතිවරයා ඇතුලු අමුත්තන් වෙත තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.

 



Recommended Articles