පලස්තීන හා ඊශ්‍රායෙල් යුද්ධයෙන් දෙපාර්ශ්වයේම 2400කට අධික පිරිසක් මිය ගිහින්


පලස්තීනයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රා යෙලයට එල්ල කළ ප්‍රහරයෙන් පසුව ඇතිවූ යුද්ධය හේතුවෙන් මේ වන විට පලස්තීනයේ ගාසා තීරයේ සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයන් 1200ක් මෙන්ම ඊ ශ්‍රා යෙලයේ සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයන් 1200ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙයි.

දෙපාර්ශවයේම අවතැන්ව ඇති පිරිස 340000ට ආසන්න වී තිබේ. මේ අතර ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඊ ශ්‍රායෙලයේ සංචාරයක නිරත වීමට නියත අතර පසුව ඔහු පලස්තීන ජනපතිවරයා සමගද තීරණාත්මක සාකච්ඡාවකට එක්වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 



Recommended Articles