තමන්ගේ ප්‍රතිපත්ති මාලාවට අනුව පරිසරය සුරක්ෂිත කිරීම කොටස් හතරක් යටතේ සිදුකරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.
එහිදී භූමිය පිළිබඳව ජලය වාතය ජීවබලය පිළිබඳ ප්‍රධාන කොටස් හතරක් යටතේ සාකච්ඡා කරන බවත් තිරසාර සංවර්ධනය පිළිබඳ අරමුණ තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තුළ ජීවත්වීමේ අයිතිය මෙරටේ සෑම පුරවැසියෙකුටම ලබාදෙන බවද අද (05දා) පැවැති පරිසර සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය.











