පරිභෝජනයට නුසුදුසු සිනි තොගයක් සොයා ගනියි


මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අදාළ වැටලීම සිදුකර ඇත.

එම සීනි තොගය පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබියදී මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී සීනි ඇතුළත් ගෝනි 200ක් පමණ සොයාගෙන ඇත.

 



Recommended Articles