පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ විසිනව දහසක් අද (03දා) කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සතොස ගබඩාවෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.
මෙම අවස්ථාවට සහභාගී වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ වී වලින් රට ස්වයංපෝෂිතව තිබියදී සතොස ආයතනය විදේශ රටවලින් සහල් ගෙන්වා ගබඩා තුළ තබාගෙන පසුව ඉවත දමන බවයි.
පසුගිය ආණ්ඩු සමයේදී හෝ ඊට පෙර මෙම සහල් තොගය ගෙන්වා තිබෙන බවත්, මෙම සහල් තොගයෙන් සහල් කිලෝ නවදහසක් සම්පූර්ණයෙන් ඉවත දැමීමටත්, කිලෝ දසදහසක් සත්ව ආහාරවලට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

