පරිපාලනය කළ එන්නත් ගණන දෙකෝටිය ඉක්මවයි


ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ලබාදී ඇති සම්පූර්ණ එන්නත් සංඛ්‍යාව දෙකෝටිය ඉක්මවා තිබෙ.

ඒ අනුව මේ දක්වා එන්නත් 20196990ක් ලබාදී තිබේ. මේ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.

මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ 571319ක් වෙත එන්නත් ලබා දී තිබේ. එය එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව වෙයි.

ශ්‍රී ලංකාවේ පූර්ණ එන්නත්කරණය කර ඇති සංඛ්‍යාව 7703411කි.



Recommended Articles