පරිපාලන සේවයේ පුරප්පාඩු රැසක්


ශ්‍රිලංකා පරිපාලන  සේවයේ 1 ශ්‍රේණියේ තනතුරු 97ක් සහ  අමාත්‍යංශ දෙපාර්තමේන්තු, කොමිෂන්සභා 113ක  ශ්‍රිලංකා පරිපාලන සේවයේ 11 හා 111 ශ්‍රේණිවල තනතුරු 435ක් පුරප්පාඩුව පවතින බව  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

 එමෙන්ම දිස්ත්‍රික්ක  24ක  ප්‍රා දේශිය ලේකම් කාර්යාල 90ක  සහකාර ප්‍රා දේශිය ලේකම් තනතුරු 90ක් සහ  පළාත් සභා 09ක  1 හා 11 ශ්‍රේණිවල තනතුරු  253ක් පුරප්පාඩුව පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ. කම්කරු අමාත්‍යංශයේ හා ඉඩම්හිමිකම් නිරවුල් කිරිමේ දෙපාර්තමෙන්තුවේ  පමණක් පිළිවෙළින් තනතුරු 41ක් හා 70ක් පුරප්පාඩුව පැවතුණි.

 පරිපාලන සේවා නිලධාරින්ගේ පවතින පුරප්පාඩු හේතුවෙන්  ශ්‍රිලංකා පරිපාලන සේවයේ  1 ශ්‍රේණියේ  ප්‍රා දේශිය ලේකම් තනතුරු 76ක  අමාත්‍යංශ දෙපාර්තමේන්තු 32ක  පූර්ණකාලිනාව වැඩබැලිම සදහා  ශ්‍රිලංකා පරිපාලන සේවයේ 11 ශ්‍රේණියේ නිලධාරින්  පත්කර තිබුණි.



Recommended Articles