පරිප්පු හා සීනි ආනයනය​ට සමූපකාරයට අවසර


රතු පරිප්පු සහ සුදු සීනි සෘජුවම සමූපකාර ව්‍යාපාරය මැදිහත් වී ආනයනය කර ලංකා සතොස සහ සමූපාකාරය හරහා අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ති​බේ.

රතු පරිප්පු සහ සුදු සීනි දේශීය වෙළෙඳපොළේ ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බැවින් වෙළෙඳ අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සීනි සහ රතු පරිප්පු ආනයනය කිරීමට නියමිතයි.



Recommended Articles