පරිගණක අපරාධ සම්බන්ධයෙන් සැකපිට චින ජාතිකයන් 37ක් අල්ලයි


තලංගම පොලිස් වසමේ තලංගම ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හා තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව වැටලීමක් සිදුකර විදේශ ජාතික පිරිමි පුද්ගලයින් 36 දෙනෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තලංගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරුවන් අවුරුදු 23 ත් 44 ත් අතර වයස්වල පසුවන චීන ජාතිකයින් වේ.

මෙම සැකකරුවන් පරිඝණක අපරාධ පනතේ ගැනෙන අපරාධයක් සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙහි දෙදෙනෙකු හට මෙරට රැඳී සිටිම සඳහා වීසා බලපත්‍ර නොමැති අතර එක් සැකකරුවෙකු හට විදේශ ගමන් බලපත්‍රයක්ද තිබී නොමැති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තවත් සැකකරුවෙකු සන්තකයේ තිබී නීති විරෝධී දුම්වැටි 2100 ක් පොලිස් භාරයට ගෙන ඇත.  සැකකරුවන් රැඳී සිටි ගොඩනැගිල්ල ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යටතේ ඇත. තලංගම පොලිසිය මගින්  වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles