පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරිමේ කටයුතු ඇරඹිමට සුදානම්


මුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු මෙම මස අග සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඔස්ට්‍රේලියානු සමාගමක් විසින් අදාළ මෙහෙයුම් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය ජුනි මාසයේ දී  සිංගප්පුරු සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත් වුණි.

කන්ටේනර් 1486ක් සහ රසායනික ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 25ක් ප්‍රවාහනය කරමින් තිබියදී එම නෞකාව අනතුරට පත්වු අතර මෙරට ඉතිහාසයේ දරුණුතම මුහුදු පාරිසරික විනාශය ලෙස මෙය සැළකේ.

 



Recommended Articles