පර්ල් නැවෙන් තෙල් කාන්දු වන බව තහවුරු වෙයි


කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට ක්‍රමයෙන් මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දු වන බවට නාරා ආයතනය තහවුරු කර තිබේ.

මෙම තෙල් කාන්දුව නැව මුහුදු බත් වන ප්‍ර දේශයේ ඊසාන දෙසින් දක්නට ලැබෙන බවද වාර්තා වෙයි.

මේ පිළිබඳව නාරා ආයතනය වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles