පර්ල් නැව් කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් චීන ජාතිකයන්


ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මණ්ඩලයේ බහුතරයක් චීන ජාතිකයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මේ වන විට නැව් කාර්ය මණ්ඩලයේ 3 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද ඔහු පැවැසීය.

එසේම නැවේ සන්නිවේදනය පිළිබඳ දත්ත ඇතුළත් වී.ඩී.ආර්. යන්ත්‍රයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් ඔහු පැවැසීය.



Recommended Articles