පර්පෙචුවල් සභාපති හා අධ්‍යක්ෂවරුන් - මහ බැංකු හි නි අධිපති රිමාන්ඩ්


මහ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් සමාගමේ සභාපති, එහි අධ්‍යක්ෂවරුන් තිදෙනා හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගවට ගත් සැකකරුවන් අද (25දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අය වන්නේ

පර්පෙචුවල් සභාපති - ජෙෆ්රි ඇලොසියස්

පර්පෙචුවල් අධ්‍යක්ෂවරුන් වන - පුෂ්පමිත්‍ර ගුණවර්ධන, රංජන් හුලුගල්ල, මුතුරාජ සුරෙන්ද්‍රන්

මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති - පී. සමරසිරි



Recommended Articles