පර්ත් නුවර හැඬවූ ඝාතනය හා දිවි නසා ගැනීම


ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජීවත්ව සිටි අවුරුදු 40ක් වූ ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර තමන්ද දිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඝාතනයට ලක්වී ඇති පිරිමි දරුවාගේ වයස අවුරුදු 6ක් සහ ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4ක් වෙයි.

ඝාතනයන්ගෙන් අනතුරුව පියා ගරාජයේදී සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

මොහු ගායකයෙක් ලෙසද කටයුතු කරන අතර ඔහුගේ බිරිඳ වෙන්ව ජීවත්ව සිට ඇත.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කර තිබුණේ තමන් මානසික ආතතියෙන් පෙළෙන බවයි



Recommended Articles