පයාගල ‌ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ගිනි ගනියි


පයාගල පාලයන්ගොඩ ප්‍රදේශයේ  එකම ගොඩනැගිල්ලක පිහිටා තිබෙන ගෑස් අලෙවිසැලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ඇතිවූ ගින්නෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය  අලෙවිසැලට  රුපියල් ලක්ෂ ගණනාවක දේපල අලාභ සිදු වී ඇතැයි පයාගල පොලිසිය කියයි.

එම ව්‍යාපාරවල හිමිකරු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. අද (30දා) සවස සිට ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබියදී මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.

ගිනි ගැනීමත් සමඟම ගෑස් ටැංකි එම ස්ථානයෙන් ඉවත් කිරීමට පයාගල පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්  පියවර ගෙන තිබූ බවත් පොලිස් නිලධාරියකු පැවැසීය 

ගින්න ඇති වීමට හේතුව නිශ්චිත ලෙස කිව නොහැකි බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත්  පැවැසීය. ඉපයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි 
පානදුර  සුමිත් ප්‍රේමතිලක   ,බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 


Recommended Articles