පයාගල වෙඩි තැබිම සිදුකර ඇත්තේ ස්වයංක්‍රීය ගිනි අවියකින්


පයාගල පොලිස් වසමේ කොස්හේන ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට පයාගල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි වැදීමෙන්  තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ  රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 30 ක් වූ පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට ස්වයංක්‍රීය ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැකකරන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පයාගල  පොලිසිය  වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles