පනාමුරේ උද්ඝෝෂකයන් දින 9ට පසු අත්අඩංගුවට


පනාමුරේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙක් මිය යෑමට විරෝධය දක්වමින් මාර්ග අවහිර වන පරිදි පසුගිය 17 දා විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් අතරින් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව පොදු දේපළවලට හානි කිරීමේ චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අවුරුදු 21-53ත් අතර පුද්ගලයන් වෙයි.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් හා රුපියල් 10000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.



Recommended Articles