පන්සලේ මල් පෝච්චිවල ගංජා වැවූ හිමිනමක් අත්අඩංගුවට


අඹගස්දෝව ගනේතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස කුටියක මල්පෝච්චියක් තුල හොර රහසේ ගංජා පැල වගාකල චීවරධාරීයකු කුඩා ගංජා පැල 12ක් සමග  අත්අඩංගුවට ගත් බව අඹගස්දෝව පොලිසිය පවසයි .

 මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අඹගස්දෝව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන   රත්නපුර  කුරුවිට ප්‍රදේශයේ 21 හැවිරිදි චීවරධාරීයකු යයි පොලිසිය කීය .

ලැබුනු තොරතුරු මත අඹගස්දෝව පොලිසියේ නිළධාරින් මෙම වැටලීම සිදු කර ඇති අතර , මෙහිදී විහාරස්ථානයේ චීවරධාරීයා වැඩසිටින කුටියේ මල්පෝච්චියක වගා කර තිබු අගල් 6ක් පමන උස ගංජා පැල සමග චීවරධාරියා මෙලෙස අත් අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය සදහන් කලේය .

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 1 උදයකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.එල්.අබේසේකර මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඇල්ල ප්‍රසාද් රුක්මල් 



Recommended Articles