පන්සලේ අයිතියට හිමිනමක් ඝාතනයට උත්සාහ කළ හිමිනමක් අත්අඩංගුවට


ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේ හිමිනමක් පානදුර කොට්ඨාසය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම විහාරස්ථානයේම තවත් හිමිනමක් ඝාතනය කිරිමට උත්සාහ කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පානදුර කොට්ඨාසය විමර්ශන ඒකකය කළ විමර්ශනදී හෙළිව ඇත්තේ රියදුරෙකුට ලක්ෂ 11ක මුදලක් මෙම ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව  වශයෙන් ලබාදී ඇති බවයි.

විහාරයේ අයිතිය සම්බන්ධයෙන් වන ආරවුලක් මේ සඳහා හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

49 හැවැරිදි හිමිනමක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

උන්වහන්සේ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොන්ත්‍රාත්තුව භාරගත් රියදුරා සොයා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 



Recommended Articles