පන්සලෙන් පල්ලියට ගිය නත්තල් ගමන


පානදුර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා, දේශපාලන නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේට (25) යෙදුනු නත්තල් දිනය නිමිත්තෙන් පානදුර වික්ෂෝපමාතා දෙව් මැදුර වෙත නත්තල් ගමන් ගොස් තිබේ.

පානදුර, ගල්ගොඩ ශ්‍රී මහා විහාරාධිපති පානදුර දෙතොටමුනේ ප්‍රධාන සංඝනායක  පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේ කිහිප නමක් ,පානදුර නගරාධිපති නන්දන ගුණතිලක ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නත්තල් තෑගි රැගෙන  පානදුර වලාන වික්ෂෝපමතා දෙව්මැදුරට පැමිණ ඇත.

එහිදී වික්ෂෝපමතා දෙව්මැදුරේ සංජීව පෙරේරා පියතුමන් විසින් ඔවුන් උණුසුම් අන්දමින් පිළිගෙන තේ පැන් සංග්‍රහයක්ද පිරිනමනු ලැබීය.



Recommended Articles