පනත ප්‍රකාරව හිටපු ජනපතිවරුන්ට අහිමි වන දේ


අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලද  ජනපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත  හරහා හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ වැන්දඹුවන්ට හිමි හිමිකම් ඉවත් කර තිබේ.

ඒ්ර අනුව ඉවත් කරන ලද පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව; ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්, සහ ඉවත් කරන ලද පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප අහෝසි වීම සිදුවේ.



Recommended Articles