පතාල සමාජික අක්කු ඇතුළු තිදෙනෙකු STF අත්අඩංගුවට


හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදි තියුණු අයුධ හා ව්‍යාජ පිස්තෝල ගිනි අවියක් හා  මත්ද්‍රව්‍ය සමඟ පතාල සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එම පුද්ගලයන් සමඟ කඩු තුනක් පිහියක් ව්‍යාජ පිස්තෝල අවියක් කේරල ගංජා ග්‍රෑම් 325ක් හා නීතිවිරෝධි මත්පැන් මිලිමිටර් 450ක් පොලීසිය භාරයට ගෙන ඇත.

මිනිමැරුම් ,මංකොල්ලකෑම්, හා කප්පම් ගැනිම් ඇතුව අපරාධ රැසකට සම්බන්ධ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉදුනිල් කුමාර නොහොත් ඉන්දා නැමැති පතාල සමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකු බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් පුද්ගලයා දසුන් බුද්ධික නොහොත් අක්කු නැමැත්තා බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරු හා අනෙක් පුද්ගලයින් තිදෙනා  වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



Recommended Articles