පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට


පින්නවල පොලිස් වසමේ වළවඅද්දර ප්‍රදේශයේ ඉඩමක පවත්වාගෙන ගිය පතලක පස් කන්දක් කඩා වැටී ඊට යටවීමෙන් පුද්ගලයෙකු බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට පින්නවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවරුදු 27 ක් වූ පින්නවල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles