පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන්න ඉරාන්ට සජබයෙන් දැනුම් දෙයි


ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක සභාව ඉල්ලා අස්වීමෙන් අනතුරුව ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම ඊයේ (29) දා සිදුවිය. ඒ් අනුව එහි සභාපතීත්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් විත්‍රමරත්නට හිමිවිය.

අදාල තනතුරු භාරගැනීමත් සමග සමගි ජනබලවේග මහලේකම් විසින් ලිපියක් නිකුත්කරමින් පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉවත් වනලෙස ඔහුවෙත දැනුම්දී ඇත.

එම ලිපියට අනුව සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලන වියයුතු බැවින් එහි තනතුරු දේශපාලනයට සම්බන්ධසම්බන්ධ තැනැත්තන් විසින් නොදැරිය යුතු බව වැඩිදුරටත් සඳහන් වී ඇත.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles