නොවැම්බර් 28 වැනි දා සිට දහම් පාසල් විවෘත වෙයි


සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ලබන නොවැම්බර් 28 වැනි දා සිට දහම් පාසල් යළි විවෘත කළ හැකි බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසා සිටියි.

දහම් පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් හා අනෙකුත් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කරමින් එහි කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියි.



Recommended Articles