නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 3ක කාලයක්


නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 3 ක කාලයක් ගත වනු ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසා සිටියි.

හෙට (04) උදෑසන විට මෙගා වොට් 300 ක් නොරොච්චෝලේ බලාගාරය හරහා ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකි බවත් ඉතිරි මෙගා වොට් 600 ක ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමට දින 3 ක් පමණ ගතවිය හැකි බවයි විදුලි බල අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියි.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ජාතික දෛනික විදුලි ඉල්ලුමට අනුව විටින් විට කෙටි කාලීනව විදුලිය විසන්දි කිරීමට සිදුවන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර  සිටියි.



Recommended Articles