නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට ගේන්න සති දෙකක්


නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගා වොට් 300 ධාරිතාවයකින් සමන්විත පළමු ජනන යන්ත්‍රය (Unit 01) මේ වනවිට හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් අක්‍රීය වී ඇත. මෙම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දළ වශයෙන් සති 02ක පමණ කාලයක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒසේම මේ වනවිට ලක්විජය බලාගාරයේ දෙවන (Unit 02) ජනන යන්ත්‍රයේද අත්‍යවශ්‍ය නඩත්තු (Major Overhaul) කටයුතු මේ දිනවල සිදුකරන බැවින් එහි සම්පූර්ණ ධාරිතාවය මෙගා වොට් 300ක ප්‍රමාණයද ජාතික පද්ධතියට අහිමි වී ඇත. එමනිසා මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 600ක ප්‍රමාණයක් අහිමි වී ඇත.



Recommended Articles