නේපාලයට යළිත් ගංවතුරක් ඇතිවීමේ ඉහළ අවධානමක්


නේපාල-ටිබෙට් දේශසීමාවේ නව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම තවදුරටත් පවතින බවත්, එමගින් මුදාගැනීමේ කටයුතු  තවදුරටත් සංකීර්ණ කරන බව බී.බී.සී. පුවත් සේවය පවසයි.

 චීන රාජ්‍ය පුවත් සේවය වන 'ෂින්හුවා' පවසන්නේ, හදිසි ගංවතුර තත්ත්වයෙන් පසු නිර්මාණය වූ විලක බැමි කැඩී ගොස් ජලය පහළ ප්‍රදේශවලට ගලා යාමේ 'ඉහළ අවදානමක්' පවතින බවයි.

අඛණ්ඩව පවතින වර්ෂාව මධ්‍යයේ, ඉදිරි දින තුන තුළ එම විලට ගලා එන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 3ක් (ලීටර් බිලියන 3ක්)
 පමණ විය හැකි බව කාලගුණ අනාවැකි මගින් පෙන්වා දෙයි; මෙය ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාක 1,200ක ජල ධාරිතාවට
 සමාන ප්‍රමාණයකි.

මෙම තත්ත්වය හේතුවෙන් "ගිරොං වරාය සහ ගංගා පහළ ප්‍රදේශවල තවත් හානි සිදුවීමේ හැකියාවක්" පවතින බව ද එම 
රාජ්‍ය පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.



Recommended Articles