නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි


නේපාලයේ පසුගිය  මාසයේ ඇති වූ මාරාන්තික ගංවතුරට දේශගුණික විපර්යාස සම්බන්ධ කරන නව අධ්‍යයනයක් භාවිතා කිරීමට
 නේපාලය සැලසුම් කරයි. දේශගුණික විපර්යාසවලින් පීඩාවට පත් රටවලට උපකාර වන එක්සත් ජාතීන්ගේ පාඩු හා හානි සඳහා ප්‍රතිචාර
දැක්වීමේ අරමුදලෙන් ඩොලර් මිලියන 20 ක් (£ 15m) පමණ ඉල්ලා සිටීම වෙනුවෙන් නේපාලය මෙම අධ්‍යනය සිදු කිරීමට අපේක්ෂා කරයි.

නිල දත්ත වලට අනුව බදාදා වන විට නේපාලයේ ඇතිවූ හදිසිං ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 1,400 ක් පමණ මිය ගොස් ඇති අතර පුද්ගලයින් 6,150 ක් අතුරුදහන් වී ඇත.

බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද World Weather Attribution පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකින් 
කියැවෙන්නේ, පසුගිය මාසයේ නේපාල-ටිබෙට් දේශසීමාවේ විනාශකාරී ගංවතුර ඇති කළ පාෂාණ සහ අයිස් හිම කුණාටුවට දේශගුණික
 විපර්යාස දායක විය හැකි බවයි.

හිමාල කඳුවැටියේ නේපාලයේ පැත්තේ කන්දක් වන ලැන්ග්ටැං ලිරුන්ග් කඳු මුදුන අසල පාෂාණ බිත්තියක් සහ ග්ලැසියර අයිස් කඩා වැටීමෙන් ගංවතුර ඇති වූ බව විද්‍යාඥයෝ පවසති.

මෙම ව්‍යසනය උෂ්ණත්වය ඉහළ යාම, ග්ලැසියර තුනී වීම, ස්ථිර හිම දියවීම සහ පෙර පැවති භූ විද්‍යාත්මක දුර්වලතා හේතුවෙන් ඇති වූ 
"සංයුක්ත සිදුවීමක" ප්‍රතිඵලයක් බව අධ්‍යයනයෙන් කියැවිණි.



Recommended Articles