ගංවතුර අවදානම පිළිබඳව අනතුරු අඟවමින් ලැබුණු දුරකථන ඇමතුම් මාලාවකින් පසු සිසුන් 900 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට තමා පියවර ගත් බව ගංවතුරෙන් දැඩි ලෙස හානියට පත් නේපාල පාසලක විදුහල්පතිවරයෙකු පැවැසීය.
නුවාකෝට් (Nuwakot) හි පිහිටි, සිසුන් 1,600කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන 'ත්‍රිභුවාන් ත්‍රිශූලි' (Tribhuvan Trishuli) ද්විතීයික පාසලේ විදුහල්පති රාජේන්ද්‍ර දවාඩි (Rajendra Dawadi) පවසන්නේ, මිනිත්තු කිහිපයක් ඇතුළත විවිධ පුද්ගලයින්ගෙන් තමාට අනතුරු ඇඟවීමේ ඇමතුම් හතරක් ලැබුණු බවයි.
මෙම ඇමතුම් අතර, ගංගා ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයේ පිහිටි බෙට්රාවති (Betrawati) ජනාවාසය හරහා ගංවතුර ගලා ගොස් ඇති බවට වූ තොරතුරු ද ඇතුළත් වූ බව ඔහු පවසයි.
එම අවස්ථාවේදී තමන් ක්ෂණික තරණයක් ගත් බවද විදුහල්පතිවරයා පැවැසීය. "තවදුරටත් ප්‍රමාද නොවිය යුතු බව මම තීරණය කළා. ගංවතුර නොපැමිණියත්, එය දිනක පන්ති පැවැත්වීම පිළිබඳ කාරණයක් පමණක් වූ නිසා එය ගැටලුවක් නොවනු ඇතැයි මම
සිතුවා," යැයි ඔහු BBC වෙත පැවසීය.
ඔවුන් උස් බිම් වෙත ඉවත් වෙමින් සිටියදී, ගඟේ සිට මීටර් 100ක් (අඩි 328ක්) පමණ දුරින් පිහිටි නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ගංවතුරට යටවී යන අයුරු දවාඩිට දැක ගැනීමට හැකිවිය.
"අපි ඒ තීරණය තවත් විනාඩි 10ක් ප්‍රමාද වී ගත්තා නම්, සිසුන් සහ මම ඇතුළු අප සියලු දෙනාටම අද ඔබ සමඟ කතා කිරීමට නොහැකි වනු තිබුණා." යැයි විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවැසීය.


