නෙළු‍ව සභාවට දුන් ලක්ෂ 68ක ජල බවුසරයෙන් වැඩක් අරගෙන නෑ


නෙළුව ප්‍රාදේශිය සභාව සදහා  පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයෙන් ලැබි තිබු රුපියල් හැටඅටලක්ෂයක් වටිනා (6,800,000) වටිනා ලිටර් 6000කින් යුත් ජල බවුසරය භාවිතයට නොගෙන නිශ්කාර්යව  පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකි ජල බවුසරය 2015 වර්ෂයේ දි ප්‍රාදේශිය සභාව වෙත ලබා දි තිබුණි. සභාව සතු වත්කම් භාවිතයට ගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් ද නිර්දේශකොට ඇත.

ඉල්ලිම ලැබෙන නිවාස සදහා බැවුම් සහිත පටු මාර්ග පවතින බැවින්  මෙම ජල බවුසරය  ගමන් කිරිමේ අපහසුතා පවතින බව නෙළුව ප්‍රා දේශිය සභාව විසින් විගණනයට සදහන් කොට ඇත. නෙළුව ප්‍රා දේශිය සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

චන්දන සමරවික්‍රම



Recommended Articles