නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් ගණන 1981 දක්වා ඉහලට


නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 102 හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1981 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන බවත් මෙම තත්වයන් මත මේ වන විට හගුරන්කෙත ප්‍රදේශයේ කොටසක් හුදකලා කිරිමටද පියවර ගෙන ඇති බවත්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙතට අමතරව අඹගමුව, නුවරඑළිය, රාගල වැනි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින්ද ආසාදිතයන් හමුව ඇති බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ 15 ක් වන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.

චන්ද්‍ර සෙල්ලහේවා හැටන්



Recommended Articles