නුවරඑළිය රජයේ ‌වෛද්‍යවරු දිනක වැටුප ‌කෝවිඩ් අරමුදලට ලබාදෙයිි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය  දිස්ත්‍රික් පර්යන්ත රෝහල් ශාඛා සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදලට පරිත්‍යාග කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදි ඊයේ (20) සිදු කෙරිණි.

කෝවිඩ් අරමුදලට බැර කිරීම සඳහා එම මුදල් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා වෙත එම සංගමයේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න හා සභාපති වෛද්‍ය ආරුමුගම් ජෙයරාජන් යන මහත්වරුන් විසින් මෙසේ  භාර දෙන ලදි.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්  ගාමිණී රාජරත්න, නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සේනක තලගල යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශාන් හුලංනුගේ 



Recommended Articles