නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 254 දක්වා ඉහළට


කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද  (13) උදෑසන දක්වා  නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

මෙම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් එම පිරිස 117 කු බවත්  එම නිලධාරීහු කියති.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිගත්හේන, බ්ලැක්වෝටර් වතුයාය ආශ්‍රිතව  ඊයේ  (12) දිනයේදීත් රෝගීන් 12 කු හඳුනා ගත් බව ඔවහු පවසති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කොටස් හතරකට මේ වනවිට දැඩි සංචරණ සීමා පනවා ඇති බවත් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිගත්හේන බ්ලැක්වෝටර්, වැලිඔය දඬුකැලේ, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බොගවානා වතුයායේ ලීන්ස්ටන් කොටස හා ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ආගරපතන තෝන්‌ෆීල්ඩ් යන වතු කොටස්වලට  මෙසේ සංචාරණ සීමා පනවා ඇති බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු කියති.

ශාන් හුලංනුගේ 



Recommended Articles