නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිතයින් 363 දක්වා ඉහළට


කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද  (22) දින  හඳුනා ගනු ලැබු නව කොවිඩ් රෝගීන් 16  දෙනාත් සමඟ  මේ වනවිට  නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 363ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

මෙම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් එම පිරිස 152 කු බව එම නිලධාරීහු කියති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හමුව ඇති කොවිඩ් රෝගීන්ගෙන් බහුතර පිරිස කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්ගේ නිරතව සිට දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු ඇතුළු පාසල් සිසුන්  හා  ගුරුවරුවරුන් කීපදෙනෙකුටද මේ  වනවිට කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කොට ඇතැයි ඔවුහු පවසති.

ශාන් හුලංනුගේ 



Recommended Articles